Spread the love

ජනතාවගේ පටි තද කරලා පටි තද කරපු අයගේ පටි බුරුල් කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවසිය.

ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් මාධ්‍යට අදහස් දැක් වු ලාල් කාන්ත මහතා කියා සිටියේ

දැනුත් අපි ඉන්නේ අරගලයක තමයි , අපි රටේ ජනතාව පෙල ගස්සනවා රනිල් ඇතුලු මෙම පාලනය පලවා හරිනකම්, අපි අරගල කරනවා.

රනිල් ඇස් ඇරලා බලන්න ඕනි අපි දැනුත් ඉන්නේ අරගලයක තමයි, එයා කොහොමද අරගල නතර කරන්නේ?

අය වැය ගැන කතා කරලා වැඩක් නැ , මෑත ඉතිහාසයේ ජනතාව ගැන කතා කරලා නැති , වැඩකට නැති පුස් අයවැයක් තමයි මේක.

අයි.එම්.එෆ් එක ගැන මෙම අයවැයේ තියෙනවා , ඒක ඉෂ්ඨ කර ගන්න ජනතාවට බදු ගහයි, පරිභෝජනය අඩු කරයි , ඩොලර් යන ප්‍රමාණය අඩු කරන්න බලයි.

ජනතාවගේ පටි තද කරලා , ඒ අයගේ පටි බුරුල් කරගෙන, කිසිම වැඩක් නැති අයවැයක්