Spread the love

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ‍්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් ප‍්‍රදානය කර තිබෙනවා.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම මුදළ පිරිනමා ඇති අතර ක‍්‍රීඩා අමාත්‍යංශය, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ සුපුන් අබේකෝන් අතර මෙම ප‍්‍රදානය සම්බන්ධයෙන් ගිවිසුමක් ද අස්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.