Spread the love

28 හැවිරිදි තරුණයෙකු සපුගස්කන්ද – මාබිම ප්‍රදේශයේදී සිය නැන්දම්මා දූෂණය කළ බව කියන චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (20) දා රාත්‍රියේ සැකකරුගේ බිරිඳ ඉරිදා සංගීත සංදර්ශනයකට සහභාගි වීමට පිටත්ව ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

සැකකරුගේ මස්සිනා පෙරේදා ගල්නෑව ප්‍රදේශයේ සිට ඔවුන් බැලීමට පැමිණ ඇති බවත් මාමණ්ඩිය ගල්නෑව බලා පිටත්ව ගොස් ඇති අතර, නැන්දම්මා සිය දියණිය සමඟ නැවතී සිට තිබෙන බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඔහුගේ බිරිඳ සංගීත සංදර්ශනය සඳහා පිටත්ව ගිය පසු සැකකරු සිය 54 හැවිරිදි නැන්දම්මා නිවස තුළදී දූෂණය කර ඇති බවත් සිද්ධියෙන් පසු සැකකරු වහාම අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.

නැන්දම්මා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.