Spread the love

පාසල් කිහිපයක ගුරුවරියන් සාරිය වෙනුවට පහසු ඇඳුමකින් සැරසී පාසල් වෙත අද (21) පැමිණ සිටින අයුරු දැක්වෙන ඡායාරූප සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මේ අතර ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරුවරුන්ද රාජ්‍ය සේවකයින් යටතට අයත්වන බැවින් මෙලෙස පහසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණි බවය. 

කෙසේ වෙතත් මේ පිළිබඳ අප කළ සොයාබැලීමකදී ගුරුවරියන් රැසක් අපවෙත පැවසුවේ උචිත ඇඳුම සාරිය බැවින් තමන් සාරියෙන් සැරසී පාසල් පැමිණි බවය.

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී රාජ්‍ය ආයතන සඳහා පැමිණීමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවිය.