Spread the love


ඉන්දුනීසියාවේ ජාවා දූපතේ හටගත් භූ කම්පනයකින් මේ වන විට පුද්ගලයින් 56 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයෙන් සිදුවූ මෙම භූ කම්පනයෙන් තවත් 700 ක පමණ පිරිසක් තුවාල ලබා ඇති අතර කඩා වැටුණු ගොඩනැගිලි යට තවත් පුද්ගලයින් සිරවී ඇති සැකකරයි.

ඔවුන් බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතියි.

භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ හා නායයෑම්වලට ගොදුරු වන සහ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.