Spread the love

ගම්පහ දිස්ත්‍රික් ශරීර සුවතා සංගමයේ පුහුණු මධ්‍යස්ථානයන්හි පුහුණුකරුවන් වෙත බර මැනීමේ තරාදි ප්‍රදානය කිරීම වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

නීරෝගිමත් සමාජයක් උදෙසා ශරීර සුවතා ව්‍යාපෘතිය ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම බර මැනීමේ තරාදි ප්‍රදානය කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණු නිලධාරීන් එක්ව සිටියහ.