Spread the love

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය විසින් ඇප මත මුදා හරින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දැඩි ඇප කොන්දේසි පනවා තිබේ.

ඒ අනුව ඔහුට රාත‍්‍රි 09.00 හා උදෑසන 06.00 අතර කාලය නවාතැනෙන් එලියට බැසීම තහනම් වන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත. සෑම දිනකම පොලිසියට වාර්තා කල යුතුය.

එමෙන්ම සහ ටින්ඩර් හා ඉන්ස්ටග‍්‍රෑම් යෙදුම් වලට විසීම තහනම්ය.

ඔහුට රටින් පිටවීම තහනම් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රයද රඳවා ගෙන ඇත.

ඔහුගේ නීතිඥයන් විසින් මේ බව විදෙස් මාධ්‍යට සඳහන් කර තිබේ.