Spread the love

රජයට දැනට ලැබෙන ආදායම රාජ්‍ය සේවක වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කරුණු වලට ද ප්‍රමාණවත් නැතැයි මුදල් අමාත්‍යාංශයේ දී කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කරයි.

රජය විසින් නොගෙවූ බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

“භාණ්ඩාගාරය පැත්තෙන් ගත්තොත් එදිනෙදා මුදල් ප්‍රවාහය හසුරුවනකොට මට පේනවා මේක කොතරම් දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද මේ ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය දේවල්වලටවත් ප්‍රමාණවත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතරට අයත්. ඒ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයකයි රජය තිබෙන්නෙ.”