Spread the love

සුකෙෂ් චන්ද්‍රශේකර්ට එරෙහිව ඉන්දීය මූල්‍ය අපරාධ අංශය ගොනුකර ඇති ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධි කරන නඩුවේ විත්තිකාරියක ලෙස නම් කර සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය ඉන්දියානු නිළි ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට දිල්ලි අධිකරණය ඇප ලබා දුන්නේය.

ඉන්දීය මූල්‍ය විමර්ශන ඒකකය ජැකලින් ෆර්නැන්ඩස් මහත්මිය රටින් පිටවීමේ අවදානමක් තිබෙන බව පවසමින් ඇයට ඇප ලබා දීමට විරුද්ධ විය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියගේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත්තේ ජැකලින් ෆර්නැන්ඩස් මහත්මියට දිල්ලි අධිකරණය ඇප ලබා දුන් බවත් අධිකරණයේ අවසරය මත විදේශ ගත වීමට අවස්ථාව ලබා දුන් බවත්ය.

තවද සුකෙෂ් චන්ද්‍රශේකර් ට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් ජැකලින් ෆර්නැන්ඩස් මහත්මිය නිදහස් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටින බව නීතිඥවරයා පවසා ඇත.