Spread the love



ශ්‍රීලංකන් ගුවන් සමාගම කොවිඩ් වසංගතය මධ්‍යයේ අඛණ්ඩ ගුවන් සේවා සම්බන්ධතා පවත්වාගෙන යාම, සම්පූර්ණයෙන්ම එන්නත් කළ මගීන්ට සංචාරක කටයුතු සලසා දීම සහ මගීන්ගේ ගුවන් ගමන් සඳහා සහාය වීමට දරන උත්සාහයන් අගයමින් 15 වැනි චැංගි ගුවන් සේවා සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානයෙන් (Resilience Award) පිඳුම් ලැබීය.


ගුවන් සේවය පසුගිය වසර දෙක තුළ සිංගප්පූරුවේදී සම්මානයට පාත්‍ර වූ තුන්වන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ කාර්යබහුලම මගී සහ භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන අතර ලෝකයේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ගුවන් තොටුපළ වේ.

Skytrax විසින් වසර අටක් අඛණ්ඩව ලොව හොඳම ගුවන් තොටුපළ ලෙස නම් කළ ලොව එකම ගුවන් තොටුපළ ද වන්නේ ද මෙම ගුවන් තොටුපළයි. චැංගි ගුවන් තොටුපළ වැනි ලෝක මට්ටමේ කීර්තිමත් ගුවන් තොටුපළකින් පිළිගැනීමට ලක්වීම, ඉතා අසීරු කාලවලදී පවා පාරිභෝගිකයින්ට කොළඹ සහ සිංගප්පූරුව අතර බාධාවකින් තොරව සම්බන්ධතාවක් ලබා දීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ දරන ලද අඛණ්ඩ කැපවීම පෙන්නුම් කිරීමකි.


චැංගි ගුවන් තොටුපළේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අතින් සම්මානය භාර ගැනීමෙන් පසු අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියානු කලාපීය කළමනාකරු මොහාන් මීගොල්ල මහතාද අදහස් දැක්වුහ.