Spread the love


අපොස සා.පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ පහසුව සදහා මේ මස 23 වැනිදින සිට ජුනි මස 1 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයේදී සහ සවස 6 න්පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ඒ අනුව අදාල දිනයන්හිදී විදුලි කප්පාදුවකින් වැළකෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇත. එමෙන්ම මේ මස 21 වැනිදින සෙනසුරාදා හා 22 වැනි ඉරිදා දිනයේත් 29 වැනිඉරිදා දිනයේත් සවස 6 න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද ජනක රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේය.