Spread the love

මුදල් ගෙවූ පෙට්‍රල් නෞකාවෙන් පෙට්‍රල් තොග ගොඩ බෑම මේවන විට ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

එහි පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 37000 පවතින බව පැවසීය.මේ අතර ඉන්දියන් තෙල් සමාගම ඇනවුම් කර පෙට්‍රල් නෞකාවකින් පෙට්‍රල් තොග ගොඩබෑම (19) ඊයේ රාත්‍රි ආරම්භ කර බව සභාපතිවරයා පැවසීය.

පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු (20) අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.මෙරටට සේන්දු වූ ඩීසල් නෞකාවේ ඩීසල් ගොඩබෑම මේවන විට අවසන් කර තිබේ. ඩීසල් බෙදා හැරීම අඛණ්ඩව සිදුවන බව සභාපතිවරයා පැවසීය.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක පෙට්‍රල් සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව ඉන්ධන පිරවුම් හල් අසල තවදුරටත් දිගු පෝලිම් වල රැදී සිටියි.