Spread the love

කලවංචිකුඩි හා පානම අතර මුහුදු ප්‍රදේශයෙන් නීති විරෝධී ලෙස ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා ගමන්  කරමින් සිටි 19 දෙනෙකු ත්‍රිකුණාමලය තිස්ස කදවුරේ නාවික හමුදා නිලධාරීන් අත්තඩංගුවට ගෙන ඇතිබව ත්‍රිකුණාමලය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 12ත්45 අතර පසුවන උප්පුවේලි,යාපනය ,මඩකළපුව ,වව්නියාව ,ත්‍රිකුණාමලය හා නිලාවේලි ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

අත්තඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් සහ වයස අවුරුදු 12 දරුවෙකු සිටින බව පොලිසිය පවසයි.

සැකකරුවන් (20) අද ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.