Spread the love

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමන සඳහා කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

චෛත්‍ය පාර, NSA වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හංදියේ සිට යෝර්ක් වීදිය මංසන්ධිය දක්වා බැංකු මාවත, පහළ චැතැම් වීදිය, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසළ හන්දියේ සිට ප්‍රධාන මාවත හා ලේඩියන් බැස්ටියන් මාවත දක්වා මුදලිගේ මාවත, රෝහල්වීදිය යන මාර්ගවලට ඇතුළුවීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.