Spread the love

ඉන්ධන මිල ඉහළ යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ලංකා ඉංදියන් තෙල් සමාගම පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්ධන මිළ ඉහළ යන බවට අසත්‍ය ප්‍රචාරයක් පැතිර යමින් තිබේ.ඒ හේතුවෙන් අසත්‍ය ප්‍රචාර සදහා නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බව එම සමාගම සදහන් කරයි.

මේ අතර පවතින සීමිත ඉන්ධන තොග බෙදා හැරීම (19) අද දිනයේද සිදුකරන බව ලංකා ඉංදියන් තෙල් සමාගම පවසයි.ඊයේ(18) දිනයේද ඉන්ධන බෙදා හැරීම සිදුකෙරිණි.

මේ අතර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලේ ලියාපදිංචි වාහන සදහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගත්බව එම සමාගම සදහන් කරයි.ඒ සදහා ප්‍රාදේශීය ඉන්ධන අලවි කරුවන්ට හෝ 0112475720 සිට 26 දක්වා ඇමැතිය හැකි බව සදහන් කරයි.

ඉන්ධන තොග සීමිත වීම ඊට හේතුව වී තිබේ.මේ අතර ලෝක වෙළද පොළේ  බොරතෙල් මිළ ඉහළ ගියද කිසිසේත් මේ මොහොතේ ඉන්ධන මිළ වැඩි නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද සිට පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පිරවුම් හල් වලින් සාමාන්‍ය පරිදි ලබා ගැනීමට හැකි බව එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.