Spread the love

ඩොලර් මිලියන 160ක මුදලක් ලෝක බැංකුවෙන් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම මුදල් ඉන්ධන සඳහා යෙදවීමට හැකියාවක් නොමැති බවත් කෙසේ වෙතත් හැකියාවක් ඇත්නම් තෙල්වලට යෙදවීමට අවස්ථාව ලබාදෙන ඉල්ලීමක් කරන බවද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන්ද මෙවැනිම මුදල් ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් මිලියන 30 ක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් එම මුදල ලබා ගැනීමේ අපහසුතාවක් පැන නැගී ඇති බවත් අගමැතිවරයා සඳහන් කරයි.