Spread the love

එල්.ටී.ටී ඊ. ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කරමින් විරෝධාර රණවිරුවන් අත්කරගත් ජයග්‍රහණය සදහා (18)අදට වසර 13ක් සපිරෙයි.මානුෂීය මෙහෙයුම සමරා (18) අද පස්වරු 04.00 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සැමරුම් උස්සවයක් සංවිධානය කර ඇතිබව හිටපු යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නනායක මහතා පැවසීය.

ඒ වෙනුවෙන් අද රට පුරා විවිධ පිංකම් හා සැමරුම් උස්සව රැසක් සංවිධානය කර තිබේ.ජනතාවට කුමන අභියෝග සහ දුෂ්කරතා පැවතියද විරෝධාර රණවිරුවන් සිදුකර ඒ මෙහෙය කිසිසේත් අමතක නොකළ යුතු බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.