Spread the love

තිරිඟු පිටි මිල යළි ඉහළ දැමීම හේතුවෙන් සිය කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතිබව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

තිරිඟු පිටි ආනයනය කරන සමාගම් දෙක අතරින් එක් සමාගමක් (17) ඊයේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 35කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මේවනවිට  කිලෝ ග්‍රෑම් 50 පිටි මිටියක මිල රුපියල් 12500ක් දක්වා ඉහළගොස් ඇතිබව වැඩිදුරටත් සභාපතිවරයා පැවසීය.