Spread the love

ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමින ඇති බැවින් අද පස්වරුව වන විට ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මේ වනවිට ගෑස් නෞකා දෙකකට අදාළ ඩොලර් මිලියන 7 ක ගෙවීමක් අද දිනයේ සිදු කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.

ඒ කෙසේ වෙතත් අද දිනයේත් දිවයින පුරා ප්‍රදේශ රැසක දිගු ගෑස් පෝලිම්වල ජනතාව සිටිනු දක්නට ලැබිණ.