Spread the love

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16)දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිදහස් ශ‍්‍රී ලංකාවේ 26 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.
වර්තමානයේ රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම එය විසඳා ගෙන නැවත ශක්තිමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනඟන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා කරුණු දැක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සදහන් කරයි.