Spread the love

විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කළයුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එසේ නොවුණහොත් මේ වසරේ ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 250 ක පාඩුවක් දරා ගැනීමට සිදු වන බව සදහන් කරයි.
විදුලි බිල සංශෝධනය රජයේ ප‍්‍රතිපත්තිමය තීරණය මත සිදු කෙරෙන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.

මේ අතර ඉදිරි මාස කිහිපය තුළ පැය 10 ක 12 ක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරයි.

එලෙස විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව වැඩිදුරටත් එම කොමිෂන් සභාව සදහන් කරයි.