Spread the love

හෙට(14) සිට දුරගමන් සේවා දුම්රියයන් ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව හෙට දිනයේ පෙරවරු 06.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් කන්කසන්තුරේ බලා දුම්රිය කුත් ,කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.00 ට ගල්කිස්ස බලාත් දුම්රියයක් ධාවනය කෙරේ.
මීට අමතරවු කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 ට (ඇදිරි නීතිය හේතුවෙන් පෙරවරු 06.45 ) ට බදුල්ල බලා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කෙරේ. බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු05.55 ට(ඇදිරිනීති කාලය තුළ06.15)ගමන් අරඹා කොළඹ කොටුවට පැමිණීමට නියමිතය.
මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 14.30 ට බෙලිඅත්ත බලා දුම්රියයක් ධානවය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.25 ට (ඇදිරිනීතිය කාලය තුළ පෙරවරු06.25) කොළඔ කොටුව බලා දුම්රියයක් ධාවනය කිරීමට නියමිත බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන ) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.