Spread the love

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ ක‍්‍රියාත්මක ආණ්ඩුවකට සහය ලබා නොදෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සදහන් කරයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (13)පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ සහයෝගය වත්මන් අගමැතිවරයාට ලබා නොදෙන බව එම පක්ෂය සදහන් කරයි.

කිසිදු විටක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවක අමාත්‍ය ධූර ලබා නොගන්නා බව එම පක්ෂය සදහන් කරයි.

මේ අතර වත්මන් ආණ්ඩුවෙ කිසිදු අමාත්‍ය ධූරයක් ලබා නොගන්නා බව පාර්ලිමේන්තුවේදී පසුගියදා ස්වාධීන වූ පක්ෂ 10 මංත්‍රී කණ්ඩායම ද සදහන් කරයි.