Spread the love

වෙසක් උත්සවය නිමිත්තෙන් මේ මස 15 සහ 16 වන දෙදින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියඵම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත.

අදාල දිනයන්හි සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියඵම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි..