Spread the love

රට පුරා පනවා ඇති ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා අත්හිටුවා තිබූ ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි යළි ආරම්භ කර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධන බෙදා හැරීම අත්හිටුවා තිබීම හේතුවෙන් ඊයේ (10) සහ (11) අද දිනයේ අත්‍යාවශ්‍ය සේවා සදහා ගමන් ගන්නා සේවකයන් දැඩි පීඩාවට පත්විය.

මේ අතර හෙට(12) පෙරවරු 08.00 සිට දුම්රිය සීමිත ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර කලහකාරී හා ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙන පිරිස පාලනය කිරීමට අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදුන් බව පොලිස් මූලස්ථානය පවසයි.

ඊයේ රාත්‍රියේ සිට මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදු කරන සියඵ පුද්ගලයන්ට වෙඩි තැබීම සදහා ති‍්‍රවිධ හමුදාවට නියෝග ලබාදී තිබේ.

හදිසි නියෝග යටතේ පවතින බලතළවලට අනුව මෙම නියෝගය පනවා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.