Spread the love

රට පුරා පනවා ඇති ඇඳිරි නීති හා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම මේ වන විට තාවකාලිකව නතරකර ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැති බව පිරවුම්හල් හිමියන් සදහන් කරයි.

ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා වල නිරත වන පුද්ගලයන් දැඩි පීඩාවට ලක්ව තිබේ.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් ,ඩීසල් සහ භූමි තෙල් ආදි කිසිදු ඉන්ධනයක් නොමැති වීම විශේෂත්වයකි.

එවැනි ඉන්ධන පිරවුම්හල් මේවන විට සම්පූර්ණයෙන් වසා දමා ඇත.