Spread the love

ගාල්ල රත්ගම ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතිබව රත්ගම පොලිසිය පවසයි.

රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසළ ඊයේ (10) සවස සිට පැවති විරෝධතාවක් අතරතුර රාත්‍රී කාලයේ වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි වැදුන පුද්ගලයකු සදහන් කර සිටියේ රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තැබූ බවයි. මේවන විට රත්ගම ප්‍රදේශයේ සාමකාමී තත්වයක් පවතියි.