Spread the love

සිය මවගේ බැංකු පොතෙහි තිබු ලක්ෂ ගණනක් මුදලක් ගැනීමට උත්සාහ දැරු සිය බාල පුතු මස්සිනාට පොල්ලකින් පහරදී මෙන් බරපතල තුවාල ලැබු මස්සිනා ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය පුවතක් ගණේමුල්ල පොලීසියෙන් වාර්තාවෙයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අංක 470/බී/3 කුඩා බොල්ලත ,ගණේමුල්ල පදිංචි චමින්ද දසනායක (52) නැමැති අයෙකි.
සිද්ධිය සැකෙවින් මෙසේයි.
මවට දරුවන් පස් දෙනෙකු සිටි අතර පවුලේ බාලයා පුතාය. සිය ඉඩකඩම්ද දරුවන් පස් දෙනාට බෙදාදී ඇති අතර ගීතානි අක්කා සහ අමිල චානක නැමැති මල්ලී එක ලග පදිංචි වී තිබේ. නමුත් එහිදී බාල සහෝදරයා වන අමිල චානක මවගේ පොතේ තිබු රුපියල් ලක්ෂ දෙකක පමණ මුදල ගැනීමට උත්සාහ දරා තිබේ.මව සමග නිතර නිතර ඒ සදහා රණ්ඩු වී ඇත.එයට විරුද්ධත්වය ප්‍රකාශ කල වැඩි මල් සහෝදරිය ගීතානී හා මල්ලී අතර බහින්බස් වීමක් සිදුවිය. එම අවස්ථාවේ දී ගීතානිගේ සැමියාද මැදිහත්වී තිබේ .
මෙහිදී බහින්බස් වීම දුරදිග ගිය අතර අමිල චානක ගෙයි තිබු පොල්ලීයක් රැගෙන චමින්දගේ ( අක්කාගේ සැමියාගේ) ඹලුවට පහර දි ඇතැයිද පොලීසිය පවසයි. පහකෑ චමින්දට බිම වැටුණු පසුද පහරදි තිබේ .බරපතල තුවාල ලැබු චමින්ද ප්‍රතිකාර සදහා රාගම මුලික රෝහලට ඇතුලු කිරීමෙන් පසු තත්ත්වය බර පතල බැවින්වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරිමෙන් පසු ඊයේ(06) රාත්‍රියේ මිය ගොස් ඇත.
සිද්ධිය පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පැවැත්විණ.
ගම්පහ සහකාර පොලිස් අධිකාරීතුමාගේ උපදෙස් මත ,ගණේමුල්ල පොලිස්ථානාධිපති ඒ.එච් දේවප්‍රිය මහතාගේ අධීක්ෂණය යටතේ , පොලිස් පරීක්ෂක රවිරාජ්, උප පොලිස් පරීක්ෂක පද්මකුමාර,සැරයන්වරුන්වන 18200 සුනිල්, 49482 නිලන්ත ,කාන්තා පොලිස් කොස්තාපල් 11912 තාරකා යන නිලධාරීහු සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂක පවත්වයි.