Spread the love

ඊයේ(06) රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය රට පුරා බලාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

හදිසි නීතිය ප්‍රකාශට පත්කිරීම අවලංගු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එම සංගමය සදහන් කරයි.

මේ අතර විරෝධතා සාමකාමීව පවතින විට හදිසි නීතිය පැනවීම තේරුම් ගැනීමට අපහසු බව කොළඹ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

විරෝධතා බොහෝ දුරට සාමකාමී ලෙස සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමා තුල පැවති බැවින් හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු රජය මහජනතාවට පැහැදිලි කර යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි