Spread the love

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව උළෙලට සහභාගි වන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසන්නේ.

මෙවර උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම ද අවලංගු කර ඇති බවත්, ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගි වන භට සංඛ්‍යාව ද අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම ද මෙවර නිදහස් සමරු උළෙලේදී සිදු නොවන අතර, ගුවන් සංදර්ශන ද සීමා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.