Spread the love

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ ‘හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානවත්අයුරින් පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිදහස් දින සැමරුම් උලළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි වීමට නියමිතයි.

මීට අමතරව තායිලන්ත දුත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිත ය. තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර නිදහස් දින සැමරුම් උලෙල පැවැත්වෙනු ඇත.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍යභට බළකායේ සාමාජිකයින් එක්වීමට නියමිත බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

සැමරුම් පෙළපාලිය සඳහා ගුවන් යානා 19ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණ නිපැයුම් එක්කර ඇති බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කරයි.