Spread the love

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රියෙල් මස 6 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි.
. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ද එ් සදහා සහභාගි වේ.

අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාව විසින් පරිත්‍යාග කරන 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත් අලුත් සහල් බාරගැනීම මෙම දිනවල දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් සිදු කෙරේ. එම සහල් බාර ගැනීමේ අවසන් දිනය මාර්තු මස 25 දිනය බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම 2024 යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.