Spread the love

2023 වර්ෂයට අදාළව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමයට සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව හෙට (13) දින සිට පෙබරවාරි 29 දින දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස මාර්ගගත ක්‍රමයට අභියාචනා යොමු කිරීමට හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ .මීට අමතරව http://g6application.moe.gov.lk/#/  දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.