Spread the love


නිමල් රාජපක්ෂ-

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු කාර්යාල සීඝ්‍රගාමි දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කළ මගීන් 36 දෙනෙකු ඊයේ (11)දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මගීන් අතර කාන්තාවන් 12 දෙනෙකු සිටි බව කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සුසිල් ප්‍රේමලාල් මහතා පවසයි.
දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් ගෙන් ලද පැමිණිලි මත කළ අංක 535 දරණ කාර්යාල සීඝ්‍රගාමි දුම්රියේ රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ප්‍රවේශපත්‍ර පරීක්ෂාව සිදු කළ අතර එහිදි 3 පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් 2පංතියේ ආසන මත නිදා ගෙන ගමන් කරද්දී 2 පංතියේ ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් හිටගෙන ගමන් කරමින් සිටියහ.
මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් 26 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් 82820/ දඩ මුදලක් අයකරගත් අතර ඉතිරි මගීන් දහදෙනා ඒ මොහොතේ දඩමුදල් ගෙවිමට නොහැකි වීම හේතුවෙන් ඇපකර තබා ගිය බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුහ.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත,සහකාර අධිකාරී කරුණානායක මහතාගේ අධික්ෂණය යටතේ , කොටුව මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සුසිල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙය වීමෙන් , උප පරීක්ෂක විජයරත්න , සැරයන්වරුන් වන තිලකරත්න, ප්‍රියන්ත , ආරක්ෂක නිලධාරින් වන ලලිත්, රණසිංහ,
සුගත් හේරත්. කාන්තා ආරක්ෂිකා සේපාලිකා දුරංගි ,ගීතා, පද්මිණි යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.