Spread the love

යෝජිත දේපල බද්ද ක්‍රියාත්මක වන්නේ 2025 පළමු කාර්තුවෙන් පසුව බවත් , 90 % ක්වූු සාමාන්‍ය ජනතාවට එය බලපාන්නේ නැති බවත් මූදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරනවා.
අද උදෑසන රූවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙය ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වන බද්දක් වන අතරම , එන් එම් පෙරේරා මහතා මූදල් අමාත්‍ය ධුරය දරණ වකවානුවේද මෙම බද්ද ක්‍රියාත්මක වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙය ඉතාමත් ප්‍රගතිශිගීම බද්ධක් බවද පවසා සිටියා.
එමෙන්ම මෙම බද්ද ක්‍රියාත්මක වීමෙන් පසු සාමාන්‍ය ජනතාවගෙන් අයකරන වක්‍ර බදූ ප්‍රමාණය අනාගතයේදී අඩු කිරීමට හැකියාවක් ලැබෙනු ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ් මගින් 100% ක් ජනතාවට මෙම බද්දෙන් ලැබෙන ප්‍රතිලාභ භුක්ති විදීමට හැකි වනු ඇති බවද සඳහන් කළා