Spread the love

2024 වසර ආරම්භයේ සිට මේ දක්වා මිනීමැරීම් හා සම්බන්ධ සිදුවීම් 76 ක් පමණ සිදුවී තිබෙන අතර සිදුවීම් වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

එම කාලයේදී ගෙවල් බිඳුම් සම්බන්ධ සිද්ධි 1,180 ක් , මංකොල්ලකෑම් 310 ක් වාර්තා වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අදාල කාලසීමාව තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව තිබෙන අතර එයින් 10 ක් පමණ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කලේ .

කෙසේවෙතත් මෙම වාර්තාවීම් පසුගිය වර්ෂවලට සාපේක්ෂව අඩුවීමක් ඇති බවයි ඹහු පැවසුවේ.