Spread the love

පසුගිය වසරේ මුල් මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.        2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.  මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.                           

ශ්‍රී ලංකා රේගුව සෑම අවස්ථාවකදීම රජය විසින් ලබාදෙන ආදායම් ඉලක්ක සපුරාලමින් රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බව අමාත්‍යවරයි මෙහිදී අවධාරණය කළේය. 2024 වසරේදී ලබා දී ඇති රුපියල් බිලියන 1537 ආදායම් ඉලක්කයෙන් රුපියල් බිලියන 708ක ආදායමක් සම්පූර්ණ කිරීමට ඔවුන් මේ වන විටත් සමත් ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ඉලක්ක කරා සාර්ථකව ළඟා වෙන්නේ රේගුවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන රථ වාහන ආනයනය අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කළේ.