Spread the love

2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කිරීම අදින් (09) ආරම්භ වනවා.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් එස්. රත්නායක සඳහන් කළේ ඡන්ද හිමි නාම ලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වුවා නම්, ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිළධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය, නැතහොත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට අවස්ථාව ලබාදී ඇති බවයි.