Spread the love


නිමල් රාජපක්ෂ-

රෝමයේ පැවැත්වෙන 19 සැසිවාරයට ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය පිළිබදව සකස් කළ වාර්තාවක් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා වෘපෘති වාර්තාවක් ඉදිරිපක් කරයි.

වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධාන අරමුණයි.

2023 ජුලි 17 දින සිට 21 දින දක්වා ඉතාලියේ රෝම නගරයේ දී එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආහාර කෘෂිකර්ම ප්‍රවර්ධනය සඳහා ජාන සම්පත් යොදා ගැනීම පිළිබඳ 19 වන සැසිවාරයට සහභාගි වීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රෝමය බලා පිටත්ව ගොස් ඇත.

මෙම සැසිවාරය ඉතාලියේ රෝම නගරයේ පිහිටි එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වේ.
ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යවරයා එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Qu Dongyu මහතා නිල වශයෙන් හමු වී සාකච්ඡා කළේය.

මෙහිදී එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ලබා දෙන සහයෝගය අමාත්‍යවරයා ඇගයීමට ලක් කළේය.

දැනට වසර කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුධකාරී තත්ත්වය තුළ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනයේ දී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර, බීජ මෙන්ම තාක්ෂණික උපකාර හා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ දී එම සංවිධානය විශාල සහයෝගයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ඉදිරියට ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා අත්‍යවශ්‍ය වන වී ප්‍රභේද සංවර්ධනය හා සහල් නිෂ්පාදන අංශයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා ගැනීම සදහා අමාත්‍යවරයා ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළේය.