Spread the love

ජර්මනියේ Neckarsulmහි පිහිටා ඇති AUDI ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ එලෙක්ට්‍රොනික ත්‍රී රෝද රථය කාගේත් අවධානයට ලක් විය.

ඉතාමත් ආකර්ශනීයව නිමවා තිබූ එම රථය නිර්මාණය කර තිබුනේ පුහුණු ව්‍යාපෘතියක් ලෙසයි.

එම ත්‍රී රෝද රථයේ ආසනය යට සවිකර ඇති Audi e-tron බැටරි මොඩියුල හතරකින් රථය බල ගැන්වෙන බවයි පැවසෙන්නේ.

මන බඳනා වර්ණයන්ගෙන් සහ නෙත් ඇදගන්නා වානේ රිම් වලින් අලංකාරවත්ව ක්‍රීඩාශීලී පෙනුමක් හිමිව ඇති මෙම ඊ-රික්ෂෝව පැයට කිලෝමීටර 48 දක්වා වේගයකින් ධාවනය කළ හැකියි.

Neckarsulm හි AUDI ප්‍රදර්ශනාගාරය දිවා කාලයේ අමුත්තන්ට නොමිලේ ප්‍රවේශ විය හැකි ප්‍රදර්ශනාගාරයක් ලෙසත් සන්ධ්‍යා කාලයේ විවිධ උත්සව පවත්වන උත්සවාගාරයක් ලෙසත් කටයුතු කරනු ලබයි.