Spread the love

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඊයේ (16) පස්වරුවේ කිලිනොච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පෙරියපරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේල්කුමාර් තනිකේ සහ ලෝගේෂ්වරන් තමිලිනී නමැති වයස අවුරුදු 17ක තරුණියන් දෙදෙනෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

අදාළ මරණයන් සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම තරුණියන් දෙදෙනා ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් එම දේහයන් අසල තිබී සොයාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම මරණයන් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.