Spread the love

මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙසේ පැමිණිලි ලැබී ඇත්තේ පසුගිය ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු 29 වන දින දක්වා අතර කාලය තුළදීය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි සංඛ්‍යාව 1419 ක් වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07 ක්ද, වෙනත් පැමිණිලි 56 ක්ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.