Spread the love

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයෙන් නාම යෝජනා නොදී සිටීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එමෙන්ම පක්ෂය විසින් සංවිධානය කරන රැුස්වීම් හා උත්සව අවස්ථා සඳහාද සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ කර නොගැනීමට තීරණය වී තිබේ.

පක්ෂ නායකත්වයට හා පක්ෂයට එරෙහිව දිගින් දිගටම පොන්සේකා මහතා සිදු කරන ප්‍රකාශ මත මෙම තීරණය ගෙන තිබේ.

ෆොන්සේකා මහතාට තම පක්ෂය නොගැළපෙන්නේ නම් ඕනෑම අවස්ථාවක පක්ෂ සභාපති ධුරයෙන් හා පක්ෂයෙන් ඉවත්ව යෑමේ අවස්ථාව හිමිව ඇති බවද එම පක්ෂය දැනටමත් සඳහන් කර ඇත.