Spread the love

තැන්තැන්වල ගොස් විවිධ කතා කියා පක්ෂය වට්ටවන්නේ නැතිව කයිවාරු නොගහ පක්ෂය වට්ටවන්නේ නැතිව කටයුතු කරන ලෙස සමගි ජන බලවේග නායක හා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ විවේචනය කරන අයට විරුද්ධව තරා තිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවත් සෘජු තීන්දු ගැනීමේ දී තමා කාටවත් බය නොමැති බවත් හෙතෙම පැවසීය.

සමගි ජන බලවේගය නායකයාට නොව සාමාජිකයන්ට අයිති පක්ෂයක් බවත් එය ජයග්‍රාහී තැනට ගෙන ඒමේ අභියෝගය නායකයා ලෙස තමාට ඇති බවත් පක්ෂයට පුළුල් කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය අවසර දුන් බවත් එම නිසා විවිධ පුද්ගලයන් පක්ෂයට බදවා ගත් නමුත් කිසිදු ජාතිවාදියෙක් ආගම්වාදියෙක් දූෂිතයෙක් වංචාකාරයෙක් බදවා නොගන්නා බවත් ඔහු අවධාරණය කරයි.

පක්ෂයට රණවිරුවන් නොපැමිණෙන්නේ යයි පක්ෂයේ ශක්තිය මදි බවට කයිවාරු නොගසා සියලු දෙනා එක්ව පක්ෂය ගොඩනැඟිය යුතු බවත් පක්‍ෂයේ ඇතැමුන් තම මවට සහ පියාට පවා බැණ වැදුණ ද ඊට එරෙහිව පියවර නොගන්නා බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.