Spread the love

සීදුව කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රී යේ හෝටලක් තුළ පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15  දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා හා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට්ද සොයා ගෙන ඇත.

මෙහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියන් 03ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව මෙම සාදය සඳහා සහභාගිවූ තරුණියන් 12 දෙනෙකු සහ තරුණයින් 47 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවරුදු 18ත් 25 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදින්චිකරුවන් බව පොලීසිය පැවසීය.

සීදූව පොලීසිය සිද්ධිය පිළබිදව වැඩි දුර විමර්ශන පවත්වයි.