Spread the love

පසුගිය හත්වනදා සිට ආරම්භ වූ ගැටුම් හේතුවෙන්, මේ වන විට ගාසා තීරයේ පලස්තීන වැසියන් හත් දහස ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව පලස්තීනය පවසයි.

මිය ගිය හත්දහසෙන් තුන්දහසක් පමණ දරුවන් බවද ඔවුන් පවසයි.

කෙසේ වෙතත්, මියගියවුන් පිළිබදව පලස්තීනය ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත පිළිගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද ප්‍රකාශ කර තිබුණි.

ගැටුම් හේතුවෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයන්ගේ සංඛ්‍යාව එක් දහස් හාරසියයකි.

මීට අමතරව, ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් නිවාස ඒකක ලක්ෂ දෙකක් පමණ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ විනාශ වී ඇති බව ද වාර්තා වේ.