Spread the love

ළමා ලිංගික අපයෝජන චෝදනාවන් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කරයි.

ළමා ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වී, දඬුවම් විඳීමෙන් පසු  ළමයින් සමග ගනුදෙනු කෙරෙන පරිශ්‍රයන්ට එන අයගෙන් සාපේක්ෂව ළමයින්ට අවදානමක් ඇති බවත්, ඒ නිසා එය සීමා කිරීමට හෝ වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් සඳහන්කරයි්‍

අවුරුදු 18ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 2022 වර්ෂයේ දී 1,618 ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639ක් ලෙස වාර්තා වන බවත්, ලිංගික අතවර සිදුවීම් ගත්විට 2022 වසරේ දී 1,232ක් ද, 2023 වසරේ දී එය 1,497 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙයි.