Spread the love

කටුනායක කුරණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැදී සිටි විදේශිකයෙකු හෝටල් පහසුකම් නොගෙවීම හේතුවෙන් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතිබව කටුනායක පොලිසිය පවසයි.

රුපියල් 1013231 මුදලක් නොගෙවූ බවට හෝටල් හිමිකරු සිදුකර පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32ක්වූ මාලදිවයින් ජාතිකයෙකි.

මීගමුව විශේෂ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.