නිමල් රාජපක්ෂ –
කිරිබත්ගොඩ මායා මාවතේ නිවසක් තුළ පවත්වාගෙන ගිය නීතී විරෝධී මත්පැන්(අරක්කු) නිෂ්පාදනාගාරයක් ගෝනහේන විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඊයේ (23) රාත්‍රියේ වටලා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානය වැටලීමට අදාල විමර්ශන කටයුතු සදහා බස්නාහිර පලාත් 111 සුරාබදු නිලධාරීන් සහාය ලබා දීමෙන් පසු එම ස්ථානයේතිබී මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා රුපියල් ලක්ෂ ගනණක් වටිනා උපකරණ ඇතුළු මත්පැන් තොගයක් සොයා ගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
ඒ අනුව අදාල මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබි බෝතල් ගත කිරිිම සදහා වු උපකරණ , නිති විරෝධී ස්ප්‍රීතු ලීටර් 110 ක්, ආරක්ක් ලීටර් 228 ක්, බලපත්‍ර ලත් මත්පැන් සමාගමක ව්‍යාජ ස්ටිකර් සහිත අරක්කු මිලි ලීටර් 180 ක්, බෝතල් 4975ක් අඩංගු පෙට්ටි 199 ක්, බෝතල් වල ඇලවීම සදහාවු භාවිතා කරන සක්‍රීය කරන ලද සැකසහිත ආරක්ෂිත මුද්‍රා( ස්ටිකර් 4370 ) සොයා ගත් බවද රෝෂාන් පෙරේරා මහතා පවසයි.
අදාල සිද්ධිය පිළිබද විමර්ශනයේදී නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබු ගොඩනැගිල්ල කඩවත ප්‍රදේශයේ සුරාබදු බලපත්‍රයක් හිමි බලපත්‍රලාභියකුට අයත් බවට ජාඇල සුරාබදු අධිකාරී ඇතුළු කණ්ඩායමක් සිදු කල විමර්ශනයේදී සනාථ වී තිබේ.
අදාල නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ සිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් තීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර , සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් අධ්‍යන හා පර්යේෂණ රොෂාන් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , ජාඇල සුරාබදු අධිකාරී එල්.පී.එස් ජයසංඛ මහතාගේ මෙහෙයවීමෙන් , ජාඇල සුරාබදු ස්ථානාධිපති කලාරසික විජේසිිංහ, ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ, යන මහත්වරු ගෝනහේන විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් සමගින් අදාල විමර්ශන කටයුතු සිදු කළහ.