පළමුවැනි කොන්දේසිය වන්නේය. නියමිත දිනයට ලියාපදිංචි නොකළහොත් සී.අයි.එෆ්. වටිනාකමින් 45% ක උපරිම සීමාවකට යටත්ව 3% ක ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතුය යන්න එහි දෙවැනි කොන්දේසියයි. වාණිජ අරමුණෙන් මෙරටට ගෙන්වන මෝටර් රථ ගැණුම්කරුවන්ගේ නමට ලියාපදිංචි කළ යුතු බවද, කිසියම් ආනයනකරුවෙක් මාස හයක් මෙම රෙගුලාසි මගින් පනවන ලද දින 90 ක් තුළ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝනය කරමින් ආනයනය කළහොත් එකී ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස 36 ක් තහනම් කරන බවද මීළඟ කොන්දේසිය. තවද, යම් ආනයනකරුවකු මෙම රෙගුලාසි හෝ දැනට ක්‍රියාත්මක වන රෙගුලාසිවලට පටහැණිව මෝටර් වාහනයක් ආනයනය කළහොත් එය දින 90 ක් තුළ ප්‍රතිඅපනයනය කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් වන සියලු පිරිවැය ද දැරිය යුතු බවත්, මෝටර් රථයේ වයස නිර්ණය කිරීමේදී එහි නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ / ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතු බවත් මෝටර් එන්ජින් භාවිත නොවන නමුත් රෝද සහිත අයිතම ආනයනය කිරීමේදී මින් පෙර භාවිත නොකළ නවතම අයිතම ආනයනය කළ යුතු බවත් සෙසු ඒවාය.
මෙසේ කොන්දේසි පැනවීමට හේතු ලෙස මුදල් අමාත්‍යාංශය දක්වා ඇත්තේ, සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කර මෝටර් වාහන විශාල ප්‍රමාණයෙන් ආනයනය කරමින් වාහන තොග රැස් කිරීම අධෛර්යමත් කිරීමත්, මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමේත් අරමුණ ඇතිවය.